Tuesday, April 30, 2024

General line - 0115112241

රුමේෂිකා මීටර් 200 අවසන් පූර්ව තරගයට

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කෙටි දුර ධාවන ශූරී රුමේෂිකා රත්නායක අද සමත් වුණා. එ් සිවුවන මූලික වටයේ තරගයේදී 3 වැනි ස්ථානය දිනා ගනිමින්.

රුමේෂිකාගේ තරග නිමි කාලය තත්පර 23.79ක් ලෙස සටහන් වුණා. ඇය සහභාගි වන මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 5.20ට ආරම්භ වීමට නියමිතයි. මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ ආසියානු වාර්තාවට තවමත් හිමිකම් කියන්නේ දමයන්ති දර්ශායි. ඇය 1998 වසරේදී තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු කී‍්‍රඩා උළෙලේ දී මෙම වාර්තා තැබීමට සමත් වුණා.