Tuesday, April 30, 2024

General line - 0115112241

මන්නාරමේ අස්ති කොටස් කැලිෆෝනියාවට

මාධව කුලසූරිය




මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් මේ වනවිට මිනිස් සිරුරු 104කට අදාළ අස්ථි කොටස් සොයාගෙන ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය එස් රාජපක්ෂ පවසනවා. ඒ අතරින් සිරුරු 96කට අදාළ කොටස් කැණීම් මගින් ඉවත් කරගෙන ඇති බවයි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ.

එම අස්ථි කොටස් කාබන් පරීක්ෂාවක් සඳහා කැලිෆෝනියා රසායනාගාරයක් වෙත යැවීමට ද නියමිතයි. අදාළ ස්ථානයේ මේ වනවිට දින 58ක කාලයක් පුරා පරීක්ෂණ සිදු කර තිබෙනවා.