Thursday, January 16, 2025

General line - 0115112241

කාන්තාවන් විදේශගතවීමේදී ගතයුතු පවුල් පසුබිම් වාර්තාව ඉවත් කරනවා- නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර




කාන්තාවන් විදේශ ගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබාගත යුතු බවට වන නීති පනවා තිබීම නිසා නොයෙක් වංචනික මාර්ග ඔස්සේ කාන්තාවන් විදේශගත වීම මගින් එම කාන්තාවන්ගේ හා පවුල්වල ආරක්ෂාවට බරපතල හානියක් සිදුව ඇති බවත් මේ නිසා පවුල් පසුබිම් වාර්තාව ඉවත් කිරීමට කැබිනට් මණඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කර සිටිනවා.

පවුල් පසුබිම් වාර්තාව ඉවත් කර ඒ වෙනුවට විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්  ගාල්ල නාගොඩ, ශ්‍රී විජිතාරාමයේදී  සංවිධානය කළ සුව දිවියට අරුණැල්ලක් වෛද්‍ය කදවුර සහ ජංගම සේවයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සදහන් කර සිටියා.