Thursday, January 16, 2025

General line - 0115112241

කතානායක අගමැති ප්‍රමුඛ කමිටුවක් පත්කරයි




පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අනුකූලව කථානායක කරූ ජයසූරිය මහතා විසින් පංච පුද්ගල සමාලෝචන කමිටුවක් පත්කර තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුව පත්කර ඇත්තේ අද දින සිට බලපැවැත්වෙන පරිදියි.

ආර් එම් ඒ එල් රත්නායක, පෙරියසාමි මුත්තුලිංගම්, මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ සහ ආචාර්ය ඒ එස් එම් නවුෆර් එම කමිටුවට පත්කර ඇති සෙසු සාමාජිකයින්. පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව ඉකුත්දා පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා. ඒ අනුව එම වාර්තාවේ පවතින අඩුපාඩු සමාලෝචනය කිරීම මෙම කමිටුවට පැවරෙනු ඇති.