සිංගප්පූරුව සැම විටම බහුතර සුගතිය සලකන පිළිවෙතක් අනුගමනය කළ බව සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් පවසනවා. සමාජයේ ඇතැම් කොටස් මිත්‍යාව සහ භීතිය මවාලමින් ජනතාව නොමඟ යවන සුළු අදහස් පතුරුවමින් සිටියද, බහුතරයට අවශ්‍ය වන්නේ රැකියා, ආදායම් මාර්ග සහ ඉහළ ජීවන තත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනෝයි නුවරදී අද (28) මුණගැසුනු අවස්ථාවේදීයි. 03 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරයාට වියට්නාමයට ගොස් සිටින අතරතුර මෙම හමුව සිදු වුණා.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ අතීතයේ ශ්‍රී ලංකාවෙන් ආදර්ශ ලැබූ සිංගප්පූරුව මේ වනවිට පුළුල් ඉදිරි ගමනක යෙදී සිටින බවයි. ශ්‍රී ලංකාව පටු දේශපාලන අරමුණු සහ පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආර්ථික සහ සමාජ සංවර්ධනය අතින් පසුබෑමකට ලක්වූ බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. යහපාලන රජය උත්සහ කරන්නේ එම ගමන යළි ආපසු හරවා ඉන්දීය සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීම බව රනිල් වික්‍රමසිංහ මහතා, සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.