Thursday, January 16, 2025

General line - 0115112241

හැඳුනුම්පත් නිකුත් කරන නව ගාස්තු ප‍්‍රකාශයට පත් කෙරේ




පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සැප්තැම්බර් පළමු වනදා සිට අය කෙරෙන ගාස්තුව ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වී ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා රුපියල් සියයක මුදලක් අය කරනු ඇති. 

ජාතික හැඳුනුම්පත සංශෝධනය කර අනු පිටපතක් ලබා ගැනීමට අයකරන ගාස්තුව රුපියල් 250ක්. නැති වූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට අනුපිටපතක් ලබා ගැනීමට රුපියල් 500ක මුදලක් අය කෙරෙනු ඇති. 

දරිද්‍රතාව හේතුවෙන් කිසියම් අයෙකුට මෙම ගාස්තු ගෙවීමට අපහසු වන්නේ නම් ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කර අදාළ ප‍්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලබාගන්නා ගාස්තු ගෙවීමෙන් නිදහස් කිරීමට අදාළ සහතිකයක් ඉල්ලූම් පත‍්‍රය සමඟ යොමු කළ හැකියි.