බුදු දහමට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය අද (28) කරුණු හෙළි කළා. ඒ, ඉකුත් සමයේ බුදු දහමට අපහාස වන අයුරින් නිර්මාණය වූ බව කියන කලා නිර්මාණ කිහිපයක් පිළිබඳ අදහස් දක්වමින්. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිළ.
දුම්රිය සේවක වැටුප් ගැටළුව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.
මේ අතර රුපියල් මිලියන 20ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුව සැප්තැම්බර් 26 වනදා යළි කැඳවීමට අද තීරණය කෙරුණා. ඒ, ඕස්ටේ්රලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් විකිණීමට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.