Sunday, April 28, 2024

General line - 0115112241

නවීන තාක්ෂණය යෝදාගෙන කුඩු විකිණු ඇඹිළිපිටියේ සිව් දෙනෙකු අත්අඩංගුවට




හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු ඇඹිලිපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩගම ප‍්‍රදේශයේ ති‍්‍රරෝද රථයකින් ගමන් කරමින් සිටියදීයි. හෙරොයින් ජාවාරම් කරන බවට පොලීසියට ලද තොරතුරක් මත අනෙක් සැකරුවන් දෙදෙනා දෙකේ ඇළ ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගැණුනා. ඔවුන් ඇඹිලිපිටිය,

උඩවලව සහ තංගල්ල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා. සැකකරුවන් සිව්දෙනා සතුව තිබී සොයාගැණුනු හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 20 ක්. සැකකරුවන් සිව්දෙනා ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජංගම දුරකතන ඔස්සේ මුදල් හුවමාරු කිරීමේ ක්‍රමයට ලබාගෙන ඔවුන් මෙම ජාවාරමේ නිරතවී ඇති බවයි පොලිසිය පවසන්නේ.