Friday, January 17, 2025

General line - 0115112241

කිම් ජොන් අන්ගෙන් මූන් ජේ ඉන්ට පොරොන්දුවක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ , උතුරු කොරියානු සංචාරයේදී දෙරට අතර යළිත් ගිවිසුමකට අත්සන් තැබුණා. විදෙස් වාර්තා පවසන්නේ කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන් න්‍යෂ්ටික හරණය කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමක් සඳහා නායකයින් දෙපළ මෙලෙස අත්සන් තබා ඇති බවයි

.ඒ අනුව සිය රට සතුව ඇති ප‍්‍රධාන මිසයිල විහිදුම් මධ්‍යස්ථානය වසා දමන බවට උතුරු කොරියානු නායක කිම් ජොන් අන්, දකුණූ කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් හට ප‍්‍රතිඥාවක්ද ලබා දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.