හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යය මණ්ඩල ප‍්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුලූ 04දෙනෙකුට පවරා ඇති නඩුවක් ලබන ඔක්තෝම්බර් මස 29වනදා සිට දිනපතා විභාගයට ගැනීමට මහා පරිමාණ මුදල් වංචා සහ දූෂණ නඩු විභාගයට පත් කළ ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය අද නියෝග කළා.
නඩුවේ සාක්ෂිකරුවන් හතරදෙනෙකුට ලබන ඔක්තෝම්බර් මස 29වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මෙහිදී සිතාසිද නිකුත් කෙරුණා.
ගාමිණී සෙනරත් ඇතුලූ විත්තිකරුවන්ට මෙම නඩුව පවරා ඇත්තේ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධීව ආයෝජනය කළ බවටයි.