විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා, ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවා තිබෙනවා. ඒ, දෙමළ දේශපාලන සිරිකරුවන් පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින්.
මේ වනවිට දෙමළ දේශපාලන සිරකරුවන් 08දෙනෙකු අනුරාධපුර බන්ධනාගාරයේ ආහාර වර්ජනයක නිරිත වී සිටින බවද මෙමගින් සිහිපත් කර තිබෙනවා.මේ අතර ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරය සඳහා සහභාගී වීමට අවසර දෙන්නැයි උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාති සංගමය කළ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප වී තිබෙනවා.
එම සංගමය නියෝජනය කරමින් 06දෙනෙකු ජිනීවා නුවරට යාමටයි සැලසුම් කර තිබුණේ. එහෙත්, ඔවුන් සඳහා වීසා බලපත‍්‍ර පවා නිකුත් කර නැහැ. උතුරේ අතුරුදන්වූවන් පිළිබඳ විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කරන ලද දත්ත සහ තොරතුරු අවශ්‍ය තරමට තිබෙන බවද එබැවින් උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාති සංගමයට අදහස් ඉදිරිපත් කිරීම සඳහා මෙම සැසිවාරයේදී වෙනම අවස්ථාවක් ලබා දිය නොහැකි බවද ප‍්‍රකාශ වී තිබෙනවා.