ඉන්ධන මිල වැඩි කිරීම නිසා තී‍්‍රරෝද රථ ගාස්තුද වැඩි කිරීමට ජාතික ඒකාබද්ධ ති‍්‍රරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති කේ ඞී අල්විස් පැවසුවේ පළමු කිලෝමීටරය සඳහා ගාස්තුව රුපියල් 60දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවය. දෙවන කිලෝමීටරය රුපියල් 42 දක්වා ඉහළ දැමීමටද මෙහිදී තීරණය කර තිබෙනවා. එතැන් සිට කිලෝමීටරයක් සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 40කි. ත්‍රිරෝද රථ හිමියන්ගේ කැමැත්ත අනුව දෙවන කිලෝමීටරයටද රුපියල් 40ක ගාස්තුවක් අයකළ හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
තී‍්‍ර රෝද රථ ගාස්තු මෙලෙස වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් විය හැකි විවේචන කිහිපයකටද ඒකාබද්ධ ති‍්‍රරෝද රථ රියදුරන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපතිවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා. ඉන්ධන මිල පමණක් නොව ආහාර ද්‍රව්‍යයන්ගේ සිට අමතර කොටස් සහ ටයර්වල මිළ ඉහළයාම මෙම ගාස්තු සංශෝධනයට හේතුව බවයි ඔහු පැවසුවේ.
මේවනවිට තී‍්‍රරෝද රථ ධාවනය කෙරෙන්නේ වැඩි කෙරුණු නව ගාස්තු යටතේ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.