ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි නාලක ද සිල්වා ට අනිවාර්ය නිවාඩු ලබා දෙන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශය විසින් පොලිස් කොමිසමට උපදෙස් දී තිබෙනවා. ඒ, ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අවසන් වන තුරුයි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කුමන්ත‍්‍රණය කකළ බව දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර ඉකුත්දා මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණ කළා.