Friday, January 17, 2025

General line - 0115112241

හිටපු අගමැතිවරයා අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




රජයේ ආයෝජන අරමුදලේ තිබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 628 ක් සිය පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කර ගැනීමේ චෝදනාවට මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් එරට දුෂණ මර්ධන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2013 වසරේදී බලයට පත්වූ හිටපු අගමැතිවරයා විසින් රජයේ ගිණුමක තිබිය යුතු මුදල් සිය පෞද්ගලික ගිණුමක තැන්පත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන බවට පසුගිය මැයි මාසයේ පැවති මැතිවරණයෙන් බලයට පත්වූ මැලේසියාවේ නව අග්‍රාමාත්‍ය මහාතිර් මොහොමඩ් බලයට පත්වූ විගස ප්‍රකාශ කර සිටියා.

අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අගමැතිවරයා අද (20) දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මැලේසියාවේ දුෂණ මර්ධන කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.