Sunday, May 12, 2024

General line - 0115112241

"තව මාස 10යි තියෙන්නේ" - ඩිල්ෂාන් කිව්ව කතාව මෙන්න

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ඇරයුමක් ලැබුණහොත් යළි ජාතික කණ්ඩායමට එක්වීමට තමන් සූදානම් බව හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. 

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම පිළිබඳ නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා. 

එහිදී ඔහු කියා සිටියේ "මගෙන් විය යුතු දෙයක් තියෙනවා නම් කණ්ඩායමට මම ඒ දේ කරන්න සූදානම්. මොකද ලෝක කුසලානයට තව මාස 10ක් වගේ කාලයක් තියෙන්නේ." යනුවෙනි.

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් දැක්වූ දුර්වල ක‍්‍රීඩා විලාසය සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.

"අපේ කණ්ඩායම ලෝකයේ සිටින හොඳම පන්දු රැකීමේ කණ්ඩායමක් හැටියටයි හිටියේ. දැන් පන්දු රැකීම අතින් බැලුවොත් අපි විශාල වශයෙන් පසුබෑමකට ලක්වෙලා තියෙනවා."

මේ අතර ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (20) පැවැත්වෙනවා. මෙම තරගය පැවැත්වෙන්නේ ශ‍්‍රී ලංකාව පරාජය කරමින් පෙරළිකාර ජයග‍්‍රහණයක් හිමිකරගත් ඇෆ්ගනිස්ථාන හා බංග්ලාදේශ කණ්ඩායම් අතරයි.