Monday, May 13, 2024

General line - 0115112241

ඇෆ්ගන් උපන් දින කුමරා බංග්ලාදේශ කී‍්‍රකට් සිහින බොඳ කරයි




ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී තවත් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆගන්ස්තාන කණ්ඩායම සමත්වුණා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 136කින් පරාජයට පත් කරමින්. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50හේදී කඩුළු 07 කට ලකුණු 255ක් රැස් කළා. එහිදී අංක 09 පිතිකරු ලෙස පිටියට පිවිසි රශීඞ් ඛාන් පන්දු 32කදී නොදැවී ලකුණු 57ක් රැස් කළා. අවසන් පන්දු වාර 10යේදී ඔහු සහ 

ගුලාබ් නෙයිබ් නොබිඳුනු ලකුණු 95ක සබඳතාවක් ගොඩ නැගීම විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශයට පන්දු වාර 42 යි එක් පන්දුවකදී රැස් කර ගත හැකිවූයේ ලකුණු 119ක් පමණයි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රශීඞ් ඛාන් පන්දුවාර 09ක් තුළ නිලකුණු පන්දු වාර 03ක් සමග ලකුණු 13කට කඩුළු 02ක් දවා ගත්තා. 

දවසේ පෙරළිකාර චරිතය වෙමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත් රශීඞ් ඛාන්ගේ 20වන උපන් දිනය ද ඊයේ දිනට යෙදී තිබීම විශේෂත්වයක්.