Sunday, May 19, 2024

General line - 0115112241

චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවා තිබෙනවා. ඒ චීනය, රුසියාවෙන් ප‍්‍රහාරක ජෙට් යානා සහ මිසයිල මිලදී ගැනීමත් සමගයි.

චීනයේ මෙම කි‍්‍රයාකලාපය සිය රට විසින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක වලට පටහැනි බවයි අමෙරිකානු බලධාරීන් පවසන්නේ. යුකරේනයට සිදු කළ බලපෑම් වලට එරෙහිව අමෙරිකාව විසින් රුසියාවට එරෙහිව මෙලෙස ජාත්‍යන්තර සම්බාධක පනවා තිබුණා.

කෙසේවෙතත් චීනය විසින් මෙලෙස අමෙරිකාව විසින් රුසියාවට එරෙහිව පනවා තිබූ සම්බාධක වලට මැදිහත් වි ඇත්තේ 2014 වසරින් පසුව පළමු වරටයි.