3 වන ආසියානු පැරා මළල කී‍්‍රඩා උළෙලට එක්වන ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තවත් නොබෝ වේලාවකින් ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර බලා පිටත්ව යනවා.
ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මෙවර කී‍්‍රඩා උළෙලට එක්වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 35ක්.
ඉකුත්දා නිමා වූ 18 වන ආසියානු කී‍්‍රඩා උළෙලේ දී ශී‍්‍ර ලංකාවට කිසිදු පදක්කමක් දිනා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. කෙසේ වෙතත් හිස් වූ ශී‍්‍ර ලංකා පදක්කම් මල්ලට මෙවර පැරා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් පදක්කම් කිහිපයක්ම එක් කරනු ඇති බවයි කී‍්‍රඩා විචාරකයින් පවසන්නේ.
මෙවර ආසියානු පැරා කී‍්‍රඩා උළලේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මළල කී‍්‍රඩා, වෙඩි තැබීම, රෝද පුටු ටෙනිස්, දුනු විදීම, චෙස්, පිහිනුම්, බර ඉසිලීම, බට්මින්ටන් සහ මේස පන්දු යන කී‍්‍රඩා ඉසව් සඳහා සහභාගි වීමට නියමිතයි. 2016 වසරේ පැවැති රියෝ පැරා ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් දිනේෂ් පි‍්‍රයන්ත මෙවර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.
ශී‍්‍ර ලංකාව මේ දක්වා දිනා ඇති ආසියානු පැරා පදක්කම් සංඛ්‍යාව 23ක්. ඊට රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 13ක් ඇතුළත්. අවසන් වරට 2014 වසරේ පැවති ආසියානු පැරා කී‍්‍රඩා උළලේදී ශී‍්‍ර ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 7ක් සමගින් පදක්කම් 14ක් දිනා ගැනීමට සමත් වුණා.
මෙවර ඉන්දුනීසියාවේ පැවැත්වෙන 3 වන ආසියානු පැරා කී‍්‍රඩා උළල ලබන 6 වැනිදා ආරම්භ වන අතර ඊට ආසියානු රටවල් 42ක් සහභාගි වීමට නියමිතයි