Thursday, November 28, 2024

General line - 0115112241

අහාර ඉල්ලා සුනාමියෙන් ගැලවුණු ජනතාව කැරලි ගසයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඉන්දුනීසියාවේ සුලාවෙසි දුපතට බලපෑ ඒකක 7.5 ක ප්‍රබල භූමිකම්පාවෙන් සහ සුනාමි ව්‍යවසනය හේතුවෙන් මියගිය පුද්ගලයින් 1300 ඉක්මවා ඇති බව එරට  ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරනවා.

මෙම ව්‍යවසනය සිදුවී දැනට දින 4 ක් ගතවී ඇතත් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු ඇති බැවින් ඒවා ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි සහන සේවා කණ්ඩායම් සදහන් කරන්නේ. කෙසේ වුවත් සුනාමිය ව්‍යවසනයෙන් හා භූමිකම්පාවෙන් මියගොස් සිටින පුද්ගලයින්ගේ මළ සිරුරූ වලින් හමන් දුර්ඝන්ධය නිසා සහන සේවාවන් හි නිරතව සිටින පිරිස් දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මධ්‍යම සුලාවේසි දුපතේ ජලය, ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යාවශය භාණ්ඩ සීමිතව පැවතීම නිසා දිවිගලවා ගත් පුද්ගලයින් අතරේ එම ද්‍රව්‍ය බෙදා දීමට පොලිසියට අමතර වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය පාලනය කිරීමට පොලිසියට අහසට වෙඩි තැබීමට සිදුවූ බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.

මේ අතර දේවස්ථානයක සිටි ළමුන් 84 දෙනෙකුගේ මළ සිරුරු ඊයේ (02) දින සොයා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබුනා. එම ළමුන් සති අන්තයේ පැවැත්වීමට නියමිත ආගමික වැඩසටහනකට සහභාගිවීමට පැමිණ සිටි බවට හෙළිවී තිබෙනවා.

මේ අතර ඉන්දුනීසියානු ජනාධිපතිවරයා පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම රටට විදෙස් ආධාර ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ඉන්දුනීසියාවේ සුනාමි ව්‍යවසනයෙන් පිඩාවට පත් පුද්ගලයින් උදෙසා ආධාර ලබාදීමට සුදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.