Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් විමර්ශන කඩිනම් කරන්නැයි පොලිස්පතිට දැනුම් දෙයි




ශ්‍රී ලංකා ක්‍රිකට් හී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවේ විමර්ශන කටයුතු කඩිනම් කිරීමට ක්‍රිඩා ඇමති පොලිස්පතිට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගවල විකාශන අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක් ඉන්දියා (Sony Pictures Network  India Pvt Ltd ) පුද්ගලික සමාගම සමග 2013.04 .01 දින ඇතිකර ගත් ගිවිසුම්ගත මුදලින් අමෙරිකානු ඩොලර් 5,564,404.50  (50%ක දායකත්වය) මුදල, ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැර නොකර මුල්‍ය වංචාවක් සිදු කර ඇති බවට ලැබුණු චෝදනාවක්, පරීක්ෂණය සඳහා  ශ්‍රී ලංකා පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත 2018.09.10 දින ශ්‍රී ලංකා ක්‍රිකට් හී ප්‍රධාන විධායක නිලධාරී විසින් යොමු කර තිබෙනවා.

මේ විමර්ශන කටයුතු තවමත් නිමා වී නොමැති බවට මාධ්‍යයන් හී විවිධ මත පළ වී ඇති හෙයින්  ඒ සම්බන්ධයෙන් වැරදි මත සමාජ ගත වීම වැලැක්වීම සඳහා මෙම මූල්‍ය වංචාව පිළිබඳව විමර්ශන කටයුතු කඩිනමින් සිදුකර  අවශ්‍ය ඉදිරි නෛතික කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙස පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා විසින් 2018.10.02 දින ලිඛිතව පොලිස්පතිවරයාට දන්වනු ලැබ තිබෙනවා.