Monday, May 6, 2024

General line - 0115112241

ICCය කළ යෝජනාවට ක්‍රීඩා ඇමති සම්පූර්ණ කැමැත්ත දෙයි

කසුන් කැළුම්




ශ්‍රී ලංකා ක්‍රිකට් බරපතල තත්ත්වයක ඇති බවත් තරග පාවා දුන් ක්‍රීඩකයින්ට නීතිය ක්‍රියාත්මක වෙන බවත්  ICC ය තමන්ට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා සඳහන් කළා.

ඔවුන්ගේ දූෂණ මර්දන ඒකකයේ ශාඛාවක් මෙරට ස්ථාපිත කිරීමට තමන්ගෙන් විමසූ බවත් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළා.

ක්‍රිකට් ආයතනයේ අද (03) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයටද තමන් මේ පිළිබඳ දැනුම් දුන් බවද කියා සිටියා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙකු මෙරටට පැමිණ ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසද තමන් එම ඒකකයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බවයි ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

තරග පාවා දෙන ක්‍රීඩකයින්ට දඩුවම් පැමිණිය හැකි ආකාරයට එම කටයුතු මෙරට ක්‍රිකට් නීති රාමුවට එක් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසද තමන් එම ඒකකයෙන් ඉල්ලීමක් කළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ.

මෙය කාලීන අවශ්‍යතාවක් බැවින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ශාඛාවක් මෙරට ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා තමන් ඊට එකගතාව පළ කළ බවද පෙන්වා දුන්නා.