රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් දින දෙකක නිල සංචාරයක් සදහා අද (04) දිනයේදී ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ 19 වන ඉන්දු-රුසියානු ද්වි පාර්ශවික නායක සමුළුවට සහභාගී වීම සදහායි.
මේ අතර රුසියාවේ නිෂ්පාදිත S-400 වර්ගයේ ලොව නවීනතම ගුවන් යානා නාශක පද්ධතියක් ඉන්දියාවට ලබාදීමේ වැඩපිලිවල සම්බන්ධයෙන් අවසන් ගිවිසුමට දෙරටේ නායකයින් අත්සන් තැබීමට නියමිතයි. S-400 ගුවන් ආරක්ෂක පද්ධතිය රුසියාව විසින් මිට පෙර චීනයට ලබාදී ඇත.
රුසියාවේ ආයුධ අලෙවි කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් සම්බාධක පනවා තිබෙන කාලයකදී ඉන්දියාව සමග සිදුකිරීමට යන මෙම අවි ගනුදෙනුව පිලිබදව ජාත්‍යන්තර අවධානය ඉන්දියාව දෙසට යොමුවී තිබෙනවා.
රුසියාව සමග සිදුකරනු ලබන ආයුධ ගනුදෙනුවෙන් අමෙරිකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වයට හානියක් සිදුවේද යන්න සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය ආයතනයක් එරට ආරක්ෂක ඇමතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ රටවල් අතර මිත්‍රත්වය තබා ගැනීමේ අයිතිය තම රට සතු බවත් කිසිදු රාජ්‍යයකට තම රටේ ස්වෛරී භාවයට බාධා කිරීමට නොහැකි බවයි.
මේ අතර අමෙරිකාව විසින් ඉරානයට පනවා තිබෙන වෙළද සම්බාධක සම්බන්ධයෙන් හා කලාපිය සහ ජාත්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් මෙම සමුළුවේදී නායකයින් දෙපල අතර සාකච්ජා පැවැත්වීමට නියමිතයි.