Thursday, November 28, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවට තවත් ඛේදවාචාකයක්

දිනුක් හේවාවිතාරණ




දරුණු භූමිකම්පාවකින් සහ සුනාමියකින් බැට කෑ ඉන්දුනීසියාවේ සුලාවේසි දුපතට තවත් දරුණු අනතුරක පෙර නිමිති පහළවී තිබෙනවා. ඒ එම දුපතේ උතුරු දෙසට පිහිටි සොපුටාන් ගිනි කන්ද සක්‍රිය වීමත් සමගයි.

ඉන්දුනීසියානු ආපදා ඒකකය සදහන් කරන්නේ ඊයේ (03) දහවල් මෙම ගිනි කන්ද සක්‍රිය වීම ආරම්භ වූ බවයි, ගිනි කන්ද සක්‍රිය වීමත් සමග කිලෝමීටර් 4 ක් ඉහලට ගිනි කන්දෙන් අළු සහිත දුමාරය විහිදුනු බවයි එහි නිලධාරින් සදහන් කරන්නේ.

ගිනි කන්දේ සක්‍රිය වීම වැඩිවුවහොත් මේ වන විට භූමිකම්පාවෙන් සහ සුනාමි ව්‍යවසනයෙන් විපතට පත්වූවන් සහ මියගිය පුද්ගලයින්ගේ සිරුරූ සෙවීමේ සහන සේවා කටයුතු වලට බාධා එල්ලවනු ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් සැකපළ කරනවා.

ඊයේ දිනය වන විට සුනාමියෙන් සහ භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් 1407 කගේ මළ සිරුරූ සොයා ගැනීමට සහන සේවකයින්ට හැකිවූවා.

පසුගිය සිකුරාදා සුලාවෙසි දුපතට බලපෑ රිච්ටර් ඒකක 7.5 ක ප්‍රබල භූමිකම්පාවෙන් සහ සිදුවූ පසුකම්පන හේතුවෙන් සොපුටාන් ගිනි කන්ද සක්‍රිය වන්නට ඇති බව එරට භූවිද්‍යා ආයතනය සදහන් කරනවා.