Monday, May 6, 2024

General line - 0115112241

ජනපති සහ අගමැති අතර පවතින බව කියන මතවාද ගැන එජාපයෙන් පිළිතුරක්

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර විවිධ මත පැවතියද එය ආණ්ඩුවේ ගමනට බාධාවක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසනවා.

ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර පවතින විරසකය හේතුවෙන් රටේ අස්ථාවර භාවයක් නිර්මාණය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ඊයේ (03) සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

කුමන මතවාද පැවතිය ද අවසානයේ පොදු මතයකට පැමිණ කටයුතු කිරීමට ආණ්ඩුවට හැකියාව පවතින බවයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක වැඩිදුරටත් කියා සිටියේ.