Monday, May 6, 2024

General line - 0115112241

කුරාණයට අපහාස කළැයි දැමූ නඩුවට පෙනී සිටින්නට ඥාණසාර හිමි අධිකරණයට එයි




බොදුබල සේනා සංවිධානයේ  මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සහ තවත්හිමිවරු පස් නමකට එරෙහිව ඇති නඩු 2 ක් අද (04) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබුවා.

මෙසේ කැඳවනු ලැබුවේ 2014 වර්ෂයේ අප්‍රේල් මස 9 දා ජාතික බලසේනා සංවිධානය විසින් සංවිධානය කල මාධ්‍ය සාකච්ඡාවකට බලෙන් කඩා වැදී එම වැඩසටහන සඳහා බදා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සහ ශුද්ධ වු කුරාණයට අපහාස වන ආකාරයට මාධ‍්‍ය වෙත ප්‍රකාශයක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් වන නඩු 2 කි.

එහිදී විමර්ෂන පවත්වන කොළඹ අපරාධ විමර්ශන කොට්ඨසය අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නඩු කටයුතු සිදු කිරීම සදහා නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවයි.ඒ අනූව මෙම නඩුව දෙසැම්බර්  මස 3 දාට කල් තැබුවා.

සිර දඬුවම් විඳින ඇති ඥාණසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට කැඳවාගෙන ආවා.