Monday, May 6, 2024

General line - 0115112241

දරුණු දිය සුළියට ගොදුරුවු කිමිදුම්කරුවන් 6 දෙනෙක් අවසන් ගමන් යයි

දිනුක් හේවාවිතාරණ




 


මැලේසියාවේ සෙපැන්ග් දිස්ත්‍රික්කයේ පතලක් ආශ්‍රිත විලක මාළු ඇල්ලිමට ගොස් එයට වැටී අතුරුදහන්වු 17 හැවිරිදි තරුණයෙකු සෙවිමට ගිය කිමිදුම්කරුවන් 6 දෙනෙක් දියේ ගිලිමෙන් මිය ගොස් තිබෙනවා.

සෙපැන්ග් දිස්ත්‍රික්කයේ පොලිස් ඒකකයේ ප්‍රධානියා සදහන් කරන්නේ මියගිය කිමිදුම්කරුවන් 6 දෙනාම කිමිදිමට පෙර අවශ්‍ය සියලු ආරක්ෂිත උපකරණ පැළද සිටිය බවයි.

එහෙත් පත්ලේ ඇතිවු දරුණු දිය සුළියකට මෙම කිමිදුම්කරුවන් ගොදුරුවි තිබෙන අතර කිමිදුම්කරුවන් 6 දෙනා ගොඩබිම සමග සම්බන්ධ විමට යොදා ගෙන තිබු කඹයක ආධාරයෙන් ඔවුන් යළි ගොඩ ගැනිමට හැකිවු බවයි පොලිසිය සදහන් කරන්නේ.

පොලිසිය සදහන් කරන්නේ ඇතිවු දිය සුළිය සහ දියවැල් වල වේගය හේතුවෙන් මෙම කිමිදුම්කරුවන් පැළද ගෙන සිටි කිමිදුම් උපකරණ වලට ඇතිවු හානි නිසා මෙම මරණ සිදුවන්නට ඇති බවයි.

දිය සුළිය ඇතිවන විට ගොඩබිම සිටි ආපදා සහන කණ්ඩායම් කිමිදුම්කරුවන් සම්බන්ධ කර තිබු කඹය ආධාරයෙන් ඔවුන්ව පිටතට ඇදිමට උත්සහ කර තිබුනත් ඔවුන් ගොඩට ගන්නා විටත් සිහිමුර්ජාවි සිටිය බවයි සෙපැන්ග් පොලිස් ප්‍රධානියා සදහන් කර සිටියේ.

අතුරුදහන්වු 17 හැවිරිදි තරුණයා සොයා අද දිනයෙත් මෙහෙයුම් ක්‍රියාත්මකව තිබෙනවා.