Monday, May 6, 2024

General line - 0115112241

තරග පාවාදුන් කී‍්‍රඩකයින් ගැන අයි සී සීයෙන් ඉඟියක්

කසුන් කැලුම්




මෙරට කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ සිදු වූ බව කියන දූෂණ හා තරග පාවාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු කි‍්‍රකට් ප‍්‍රධානියෙකුට සහ හිටපු නායකයෙකු ඇතුලූ කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුට චෝදනා එල්ල වී ඇතැයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වනවා. අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන එ්කකයේ නිලධාරීන් ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයාට මේ පිළිබද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම කී‍්‍රඩකයින් අතර හිටපු නායකයෙකු සහ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකුද සිටින බවටද වාර්තා පළ වනවා. ඔවුන් අක‍්‍රමිකතාවලට සම්බන්ධ බවට වාර්තාද තමන් සතුව ඇති බවයි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙහිදී පවසා ඇත්තේ. මුදලට තණතීරු සැකසීම සම්බන්ධයෙන් කි‍්‍රකට් ආයතනයේ ජාත්‍යන්තර තණතිලි සහ පහසුකම් සැපයීමේ නිලධාරියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම ක්‍රීඩකයින් සහ නිලධාරීන්ගෙන් අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්ධන එ්කකයේ නිලධාරීන් ඉදිරියේදී ප‍්‍රශ්න කරනු ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වන්නේ.

මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වන නුවන් සොයිසාගෙන් අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඉකුත්දා ප‍්‍රශ්න කළා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තරගාවලියක් සම්බන්ධයෙන්.