බංග්ලාදේශයේ රොහින්යා මුස්ලිම්වරුන්ගේ ගැටලූව හමුවේ ඉන්දියාවද මේවනවිට අර්බුධයකට මුහුණ පා තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ ඉන්දියාව තුළද මේවනවිට බංග්ලාදේශයෙන් පළා ආ රොහින්යා මුස්ලිම්වරුන් 40,000ක් පමණ සිටින බවයි. ඉන් 18,000ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ලියාපදිංචිවූවන්. කෙසේවෙතත් මෙම පිරිසනේ කිහිපදෙනෙකු යළිත් බංග්ලාදේශය වෙතම පිටුවහල් කිරීමට ඉන්දීය බලධාරීන් අද (04) කටයුතු කළා.
ඒ එලෙස පිටුවහල් කීරීම තුළින් සරණාගතයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලූ පැනනැගෙන බවට අභියාචනයක්ද ඉදිරිපත් වී තිබියදීයි. මෙම පියවර සම්බන්ධයෙන් ඉන්දීය රජයට චෝදනා එල්ල වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පැවසුවා.