Monday, May 6, 2024

General line - 0115112241

ලෝක පුජිත සචින්ගේ වාර්තාව මංගල ටෙස්ට් තරගයේදී අභිබවා ගිය පිතිකරුවා (VIDEO)

දිනුක් හේවාවිතාරණ




සිය මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ ලොව සිවුවන ක්‍රීඩකයා බවට පත්වීමේ භාග්‍ය හිමිකර ගැනීමට ඉන්දියාවේ ප්‍රිත්වී ශෝව්ස් ඊයේ (04) සමත් විය. එමෙන්ම ඉන්දියාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා වන්නේද ඔහුයි.

මීට පෙර ටෙස්ට් තරගයකදී අර්ධ ශතකයක් වාර්තා කල අඩුම වයසින් වූ ඉන්දීය ක්‍රීඩකයින් දෙපල වුයේ සචින් තෙන්ඩුල්කාර් සහ පාර්තිව් පටෙල්ය. ඒ ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගය්දී නොවෙයි.

ඉන්දියාවේ රාජ්කොට් හි බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී මෙම වාර්තාවට උරුමකම් කි ප්‍රිත්වී ශෝව්ස්  සිය ශතකය කරා යාමට වැය කලේ පන්දු 99ක් වීමද විශේෂත්වයක්.

පළමු දිනය අවසානයේදී ඉන්දියාව කඩුලු 4ක් දැවී ලකුණු 364ක් ලබා ගෙන සිටි අතර නවක ක්‍රීඩක ප්‍රිත්වී ශෝව්ස් එහිදී පන්දු 154 කදී ලකුණු 134ක් ලබා ගත අතර එයට හතරේ පහරවල් 19ක් අන්තර්ගත වුනා.