Monday, May 6, 2024

General line - 0115112241

ලොක්කන්ට බැරි වූ දෙයක් කිරිමට කි‍්‍රකට් පොඞ්ඩන් සැරසෙයි

කසුන් කැලුම්




ආසියානු යොවුන් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දෙවන අවසන් පූර්ව තරගය අද (05) පැවැත්වෙනවා. එ් බංග්ලාදේශයේ ඩකා හිදියි. ශීී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසියේ මූලික වටයේ සියලූ තරග ජය ගනිමින්. 

මූලික වටයේදී ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම හමුවේ පාකිස්තානය, බංග්ලාදේශය සහ හොංකෙං යන කණ්ඩායම් පරාජයට පත් වුණා. මූලික වටයේදී නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පරාජය කළ ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා. ඉකුත් වසරේ පැවති ආසියානු කුසලාන යොවුන් තරගාවලියේ ශූරයින් බවට පත් වූයේ ඇෆ්ගනිස්ථානයයි. 

අද පැවැත්වෙන අවසන් පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 7 වැනිදා පැවැත්වෙන ආසියානු යොවුන් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.