Sunday, May 5, 2024

General line - 0115112241

අංගොඩ වෙඩි තැබීමක්! කොණ්ඩ තාරක මරුට

චම්ලි ඒකනායක/ දිනුක් හේවාවිතාරණ/ නිශාන් ද සිල්වා




අංගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. 

මියගිය පුද්ගලයා රාජගිරිය කළපළුවාව ප‍්‍රදේශයේ පදිංචි තාරක ඉරෝෂණ පෙරේරා නොහොත් කොණ්ඩ තාරක නමැත්තකු බවයි හඳුනාගෙන ඇත්තේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් අද පස්වරු 3.30ට පමණ අංගොඩ මංසන්ධිය ආසන්නයේදී වෙඩි තැබීම සිදුකොට පලාගොස් තිබෙනවා.  වෙඩි ප‍්‍රහාරයට ලක් වූ පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

කොණ්ඩ තාරක, පාතාල නායකයෙකු බව කියන කළු සාගර නමැත්තාගේ ගෝලයෙකු බවයි පැවසෙන්නේ. ටී 56 ගිනි අවියකින් සහ පිස්තොලයකින් වෙඩි තැබීම සිදුකර තිබෙනවා. ඔහුගේ හිසට සහ පපුවට වෙඩි වැදී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.