Monday, May 6, 2024

General line - 0115112241

වැඩිමහල් තරුණියක් දූෂණය කළ අයෙකුට වසර 17කට පසු දඬුවම්

ටෝනි කරුණනායක




තරුණියක් බලහත්කාරයෙන් දූෂණ කළ තැනැත්තෙකුට, බරපතල වැඩ සහිතව වසර 9ක සිර දඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් අද (05) නියම කළා. ඊට අමතරව වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් සහ රුපියල් දහසක දඩ මුදලක් ගෙවීමටද නියම කෙරුණා. එම මුදල් නොගෙවන්නෙ නම් තවත් මාස 9ක සිර දඬුවමක් නියම කෙරුණා.

2001 වසරේදී කිරිඳිවැල ප්‍රදේශයේ, එවකට 21 වැනි වියේ පසුවූ තරුණිය දූෂණය කර ඇති නුවන් ඉන්දික ප්‍රේමලාල් නම් මෙම තැනැත්තතා 20 වැනි වියේ පසු වූවෙක් බවයි අධිකරණයේදී හෙළිවූයේ.