Monday, May 6, 2024

General line - 0115112241

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ගිනිඅවි දෙකක් ගැන හිටපු ජනපතිගෙන් හෙළිදරව්වක්

කමල් සුරවීර




ජනබලය කොළඹට විරෝධතාවයේදී කලහකාරී තත්ත්වයක් ඇති වූයේ නම් ත‍්‍රස්ත විමර්ශන ඒකකය සතු එල් එම් ජී ගිනිඅවි භාවිත කිරීමේ සූදානමක් පැවති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. 

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග සාකච්ඡා පැවැත්වීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට මහින්ද රාජපක්‍ෂ මහතා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.
 

මේ අතර අපවත් වී වදාළ මල්වතු පාර්ශවයේ ජේ්‍යෂ්ඨ කාරක සංඝ සභික අග්ග මහා පණ්ඩිත පූජ්‍ය අලූත්ගම ධම්මානන්ද හිමියන්ගේ ශී‍්‍ර දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (05) පෙරවරුවේ මහනුවරට පැමිණියා. භාරකාර ආණ්ඩුවක් පිහිටුවන බවට එස් බී දිසානායක මන්තී‍්‍රවරයා සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදීද හිටපු ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළා.