Monday, May 6, 2024

General line - 0115112241

3 වන ආසියානු පැරා කී‍්‍රඩා උළෙළ අද ඇරඹෙයි

කසුන් කැළුම්




3 වන ආසියානු පැරා කී‍්‍රඩා උළෙළ අද ආරම්භ වනවා. ඒ ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදීයි. රටවල් 42ක් නියෝජනය කරමින් ඒ සදහා එක්ව සිටින කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව දෙදහස් අටසියයකට අධිකයි. කී‍්‍රඩා 18ක ඉසව් 546ක පදක්කම් 1638ක් වෙනුවෙන් ඔවුන් එහිදී තරග වැදීමට නියමිතයි. 

මෙවර ආසියානු පැරා කී‍්‍රඩා උළෙළට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක්වන පැරා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 35ක්. ඉකුත්දා නිමා වූ 18 වන ආසියානු කී‍්‍රඩා උළෙලේ දී ශී‍්‍ර ලංකාවට කිසිදු පදක්කමක් දිනා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. කෙසේ වෙතත් හිස් වූ ශී‍්‍ර ලංකා පදක්කම් මල්ලට මෙවර පැරා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් පදක්කම් කිහිපයක්ම එක් කරනු ඇති බවයි කී‍්‍රඩා විචාරකයින් අනාවැකි පළ කරන්නේ. මෙවර ආසියානු පැරා කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මලල කී‍්‍රඩා, වෙඩි තැබීම, රෝද පුටු ටෙනිස්, දුනු විදීම, චෙස්, පිහිනුම්, බර ඉසිලීම , බැ ඕමින්ටන් සහ මේස පන්දු යන කී‍්‍රඩා ඉසව් සදහා සහභාගි වීමට නියමිතයි. 2016 වසරේ පැවැති රියෝ පැරා ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් දිනේෂ් පි‍්‍රයන්ත මෙවර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා. 


ශී‍්‍ර ලංකාව මේ දක්වා දිනා ඇති ආසියානු පැරා පදක්කම් සංඛ්‍යාව 23ක්. ඊට රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 13ක් ඇතුළත්. අවසන් වරට 2014 වසරේ පැවති ආසියානු පැරා කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 7ක් සමගින් පදක්කම් 14ක් දිනා ගැනීමට සමත් වුණා. මෙවර ඉන්දුනීසියාවේ පැවැත්වෙන 3 වන ආසියානු පැරා ක‍්‍රීඩා උළෙල ලබන 13 වනදා දක්වා පැවැත්වෙනවා