Thursday, May 9, 2024

General line - 0115112241

වරකාගොඩදී පස් කන්දක් කඩා වැටී කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු රෝහලේ




වරකාගොඩ උඩෝවිට ගීකියනවත්ත පාර ප‍්‍රදේශයේ දී නිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා. එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 04ක්. ඒ අතරින් තිදෙනෙකුම කාන්තාවන් බවයි පොලිසිය පැවසුවේ.

අධික වර්ෂාව හේතුවෙන් නිවෙස් අසළ පිහිටි පස් කන්දක් නායයාම මෙම අනතුරට හේතු වී තිබුණා. තුවාල ලැබූවන් හොරණ රෝහලේ තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා.