Thursday, May 9, 2024

General line - 0115112241

විරෝධතාවයක් නිසා හලාවත-කොළඹ මාර්ගයේ වාහන ධාවනයට බාධා

ඩිල්ෂාන් මඩවල




ධීවර උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ - හලාවත ප‍්‍රධාන මාර්ගය තෝප්පුව ප‍්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. ධිවරයින් මෙලෙස උද්ඝෝෂණයේ යෙදී සිටින්නේ ඉන්ධන මිල සහ අයිස් මිල වැඩි කිරීම ඇතුලූ කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.

උද්ඝෝෂකයින් පඹයන් ද පුළුස්සමින් සටන්පාඨ කියමින් මාර්ගයේ රැඳී සිටිනවා. විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.