Thursday, May 9, 2024

General line - 0115112241

ඝාතන සිද්ධිය ගැන විමර්ශන ප්‍රමාද ඇයි ? මහාචාර්ය ජි එල් පිරිස් විමසයි

ඩිල්ෂාන් මඩවල




ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සිදුවූ බව කියන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් විමර්ශන තවමත් මන්දගාමී මන්දැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රශ්ණ කරනවා. ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මෙම කුමන්ත‍්‍රණය සිදු කළ බවයි නාමල් කුමාර නමැත්තෙකු අනාවරණ කළේ. 

ඊට අදාළ හඬ පට කිහිපයක්ද එහිදී ඉදිරිපත් කෙරුණු නමුත් එම හඬපට පරික්ෂා කිරීමට හෝ විමර්ශන නිලධාරීන් කඩිනම් නොවූ බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඒ අනුව මෙහි විමර්ශන යට ගැසිමට කිසියම් අදිසි හස්තයක් කි‍්‍රයාත්මක වන්නේ දැයි සැක සිතෙන බවයි කොළඹ අද (08) පැවත්වූ මාධ්‍ය හමුවේදී ඔහු ඉගි කර සිටියේ. 

මේ එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්. 

චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මෙතෙක් අත්අඩංගුවට නොගැනීමද සැක සහිත බවයි මහාචාර්ය ජී එල් පීරිස් මෙහිදී කියා සිටියේ.