Thursday, November 28, 2024

General line - 0115112241

ප්‍රබල හිම කුණාටුවකට ගොදුරුවූ කදු නගින්න 9 දෙනාගේ ඉරණම විසදුනු හැටි (VIDEO)

දිනුක් හේවාවිතාරණ




නේපාලයේ බටහිර ප්‍රදේශයෙන් හිමාල කඳුවැටිය තරණය කිරීමට ගිය කඳු නගින්නන් පස් දෙනකු හා ඔවුන්ට මග පෙන්වීමට ගිය පුද්ගලයින් සිවු දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ ඔවුන් සිටි ප්‍රදේශයට බලපෑ ප්‍රබල හිම කුණාටුවකට ගොදුරුවීමෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ගුර්ජා කඳුවැටියේ පිහිටි මෙම කඳවුරෙහි දකුණු කොරියානු කඳු නගින්නන් පස් දෙනක් ගෙන් යුත් කණ්ඩායමක් හා නේපාල ජාතික මගපෙන්වන්නන් හතර දෙනකු සිට ඇති බව නේපාල සහන සේවා කණ්ඩායම් සදහන් කරන්නේ.

නේපාල පොලිසිය සදහන් කරන්නේ අනතුරෙන් මියගිය පුද්ගලයින් 08 දෙනෙකුගේ සිරුරූ කදු බෑවුම් සහිත ප්‍රදේශයක තිබෙනවා බවට සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ පිහිටි ගම්වාසීන් දැක ඇති බවයි.

අනතුර පිළිබඳව වාර්තා වීමෙන් අනතුරුව එම ස්ථානය වෙතට හෙලිකොප්ටරයක් පිටත් කර යවා ඇති අතර අයහපත් කාලගුණය හේතුවෙන් එහි සිටි සහන සේවකයින් ගොඩබැස්සවිමට හැකියාවක් ලැබී නොමැත.

අමතර ඔක්සිජන් ආධාරයෙන් තොරව ලොව උසම කඳු 14 ක් තරණය කරමින් ලෝක වාර්තාවකට හිමිකම් කියන දකුණු කොරියානු කදු නගින්නෙක් වන කිම් චෑන්ග් හු ද මිය ගිය පිරිස අතර සිටින බවයි නේපාල මාධ්‍ය වාර්තා කර සිටින්නේ.