Saturday, April 27, 2024

General line - 0115112241

මාලිංග කලකිරීමෙන්

කසුන් කැළුම්/සජිත් තිලකරත්න




ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා තමන්ට කි‍්‍රඩා කිරිමට අවස්ථාවක් හිමිවේ යැයි විශ්වාසයක් නොමැති බව ලසිත් මාලිංග පවසනවා.

එංගලන්තය හමුවේ ඊයේ (13) ලද පරාජයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී "මේ තරගය දැන් ඉවරයි. නුවරට යනකොට කණ්ඩායම වෙනස් වෙන එකක් නෑ කියලා බලාපොරොත්තු වෙනවා. ඒකේ හිටියොත් මම ඒ තරගයත් හොඳින් ක්‍රීඩා කරනවා. මට පසුගිය කාලයේ වෙච්ච දේවල් එක්ක ලෝක කුසලානය සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. කොහොම වුණත් මගේ අවසාන ලෝක කුසලානට සෙල්ලම් කරන්න මා තුළ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. බැහැයි ඒකට අවස්ථාවක් හම්බවෙයි කියලා විශ්වාසයකුත් නෑ." යනුවෙන් සඳහන් කළා.

මේ අතර ශී‍්‍ර ලංකා එංගලන්ත 02වන එක් දින කි‍්‍රකට් තරගය පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේදී ලබන 17 වැනිදා දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.