Friday, October 25, 2024

General line - 0115112241

20 හැවිරිදි තරුණයෙක් 100 හැවිරිදි මිත්තනිය දුෂණය කරයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




අවුරුදු 100ක් වයසැති වයෝවෘද්ධ මිත්තනියක් දුෂණය කරන ලද 20 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මෙම සිදුවීම සිදුව ඇති අතර වයෝවෘද්ධ කාන්තාව දුෂණය කරන ලද තරුණයා එම කාන්තාවගේ ඇද යට සැඟව සිටියදී ගම්වාසීන්ගේ සහයෙන් අල්ලා ගෙන තිබෙනවා.

සිය මිත්තනියගේ කාමරය තුලින් ඇසුණු ශබ්දයක් නිසා ඇයගේ ඥාති දියණියක් ජනේලය තුලින් බලන කළ සැකකරු විසින් කාන්තාවට කරදර කරන අයුරු දැක උදව් ඉල්ලා කෑ ගසා තිබෙනවා. ඇයගේ කෑ ගැසීම නිසා ගම්වාසින් පැමිණ ඇති අතර ඒ හේතුවෙන් සැකකරුට නිවසින් පැන යාමට ඉඩ අවකාශ ලැබී නැත.

පොලිස් අත්අඩංගුවට පත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තමන් බීමතින් සිටි බවත් ඒ අවස්ථාවේදී කුමක් කළාද යන්න ගැන කිසිදු දෙයක් දන්නේ නැති බව පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇති බව සදහන්.

(අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු)