Tuesday, May 7, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට හැකිලු



වසර හතරහමාරක් ගතවීමට පෙර වුවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නීතිමය හැකියාවක් පවතින බවට ඊයේ (06) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී නීතිමය තර්කයක් මතුවුණා.

ඊට එක්වූයේ නීතිඥ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු නිතීඥ මනෝජ් ගමගේ.  

කතානායකවරයා ඉකුත් දා නිකුත් කළ නිවේදනයකට අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස දක්වමින් රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් සහ පොලිස්පතිවරයා වෙත නිකුත් කළ ලිපි සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.