Monday, April 29, 2024

General line - 0115112241

ආයෝජන වලට එරෙහිව චීන කොන්සියුලර් කාර්යාලයට ත්‍රස්ත ප්‍රහාරයක්

දිනුක් හේවාවිතාරණ




පාකිස්ථානයේ කරච්චි නුවර පිහිටි චීන කොන්සියුලර් කාර්යාලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ත්‍රස්ත ප්‍රහාරයෙන් පොලිස් නිළධාරින් දෙදෙනෙක් ඇතුළු 4 දෙනෙක් මිය ගොස් ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.

බටහිර පාකිස්ථානයේ චීනයේ ණය ආධාර මත සිදුවන ආයෝජන ව්‍යාපෘති වලට එරෙහි බෙදුම්වාදීන් විසින් මෙම ප්‍රහාරය සිදුකරන්නට ඇති බවයි සැකකරන්නේ. මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් චීන කොන්සියුලර් කාර්යාලයේ කිසිදු නිළධාරියෙකුට හානියක් සිදුව නොමැත.

මෙම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් තිදෙනා පාකිස්ථාන පොලිසියේ වෙඩි ප්‍රහාරයට ගොදුරුවීමෙන් මියගොස් ඇත.

ඉකුත් සිකුරාදා වයඹ දිග පාකිස්ථානයේදී සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙක් මිය ගියා.