Monday, May 6, 2024

General line - 0115112241

එංගලන්තයට ඉතිහාසගත ජයක්

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගනයේදී පැවැති තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලකුණු 42කින් ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද (26) සමත්වුණා. ඒ අනුව තරග 03කින් සමන්විත මෙම තරගාවලිය 3 ට 0ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත්වුණා. එංගලන්ත කණ්ඩායම සිය රටින් පිටතදී පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් හිමිකර ගත්තේ වසර 55කට පසුවයි.

ඔවුන් මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ 1963 වසරේදීයි. ලකුණු 327ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට දෙවන ඉනිමේදී සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 284ක් පමණයි. එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 336ක් රැස් කළ අතර ශ‍්‍රී  ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 240කට සීමා වුණා.

එංගලන්ත පිළ දෙවන ඉනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 230ක්. තරගයේ වීරයා ලෙස එංගලන්ත කී‍්‍රඩක ජොනී බෙයාර්ස්ටෝව් සම්මාන දිනා ගත් අතර තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ බෙන් ෆෝක්ස්.