Monday, May 6, 2024

General line - 0115112241

කණ්ඩායම ගැන හතුරුගේ බලාපොරොත්තුව

කසුන් කැළුම්




එංගලන්ත කණ්ඩායම හමුවේ ඊයේ (26) ලද පරාජය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.

කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ පැවති 3 වන ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

ඉදිරියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට වඩා දස්කම් දක්වනු ඇති බවද චන්දික හතුරුසිංහ මෙහිදී කියාසිටියා.

එහිදී "පළවෙනි තරගය ඇරුනාම අනෙක් තරග දෙක අපි ගොඩක් තරගකාරීව සෙල්ලම් කළා. පිතිකරුවන් ගැන මම ඉදිරියටත් විශ්වාසය තබනවා. මේ තමයි අපිට ඉන්න හොඳම පිතිකරුවෝ. තිබෙන කාලයෙන් උපරීම ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙනවා." යනුවෙන්ද සඳහන් කළා.

ශී‍්‍ර ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය එංගලන්ත කණ්ඩායම ජයගත්තේ 3 ට බින්දුවක් ලෙසයි. ඔවුන් සිය රටින් පිටතදී මෙලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් ලැබූවේ වසර 55 කට පසුවයි.