Saturday, May 4, 2024

General line - 0115112241

ජනපති හා එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හමුවෙයි

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරුන් අද (03) රාත‍්‍රියේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. ඒ, පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහායි. 

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් ද අද පස්වරුවේ ජනාධිපතිවරයා හමු වුණා. එහිදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ අභියාචනාධිකරණ තීන්දුව අනුව කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.  පවතින දේශපාලන අර්බුදයට ඉදිරි පැය 24 තුළ තීරණාත්මක විසඳුමක් ලබාදීමට සූදානම් බවද ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කළ බවයි දෙමළ ජාතික සන්ධානය වැඩිදුරටත් පැවසුවේ.