Monday, May 13, 2024

General line - 0115112241

බීමත් රියදුරා බිළිගත් ජීවිත ගණන 04ක් වෙයි - තවත් අයෙකුට බරපතලයි (UPDATE)

හේමන්ත කහවලගේ




ගල්කිස්ස සහ රත්මලානේ සිදුවූ රිය අනතුරුවලින් මිය ගිය පුද්ගලයින් ගණන 04ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මෙම අනතුරු දෙකම සිදු කර ඇත්තේ බීමතින් මෝටර් රථයක් පැදවූ රියදුරෙකු විසින්. ඔහුද මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ කලූබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.  

තවත් පුද්ගලයින් 10 දෙනෙකු කලූබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන නෙත් නිවුස් වෙත පැවසුවේ. ඉන් අයෙකුගේ තත්ත්නව බරපතල බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා.

සැකකාර බීමත් රියදුරා පැදවූ මෝටර් රථය ගල්කිස්ස අධිකරණය අසලදී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ගැටී තිබෙනවා. එහිදී එක් අයෙකු මිය ගිය බවයි පොලීසිය පැවසුවේ. 

මෙම අනතුරෙන් පසුව අදාළ රියදුරා එම මෝටර් රථයෙන්ම පළා ගොස් ඇති අතර පසුව ඔහු පැදවූ මෝටර් රථය රත්මලාන ඉන්ධන පිරවුම්හල අසලදී තවත් මෝටර් රථයක සහ යතුරු පැදි 02ක ගැටී තිබෙනවා. එහිදී දෙදෙනෙකු මිය ගිය බවයි පොලීසිය පැවසුවේ. 

මෙම රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 18, 21 සහ 54 යන වයස් සීමාවල පසුවන පුද්ගලයින් බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

 

---------------------------------

 

මාරක අනතුරක් කර පළා යමින් සිටි බීමත් රියදුරා තවත් බිහිසුනු අනතුරක් කරයි

(09-12-2018 07:31)

 

 

ගල්කිස්ස අධිකරණය අසල සහ රත්මලාන ඉන්ධන පිරවුම්හල අසල අද (09) අලූයම සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.

එම අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයින් 08දෙනෙකු කලූබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.

කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය කළ මෝටර් රථයක් රත්මලාන ඉන්ධන පිරවුම්හල අසලදී මෝටර් රථයක සහ යතුරු පැදි දෙකක ගැටී තිබෙනවා. එහිදී යතුරු පැදිකරුවෙකු සහ තවත් අයෙකු මිය ගිය බවයි පොලීසිය සඳහන් කළේ. අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරු බීමත්ව සිට ඇති බව ද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර ගල්කිස්ස අධිකරණය අසලදී ද අදාළ බිමත් රියදුරා පැදවූ මෝටර් රථයේ මාර්ගයේ ගමන් ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගැටී තිබෙනවා. එහිදී එක් අයෙකු මිය ගිය බවයි පොලීසිය පැවසුවේ. මෙම අනතුරෙන් පසුව අදාළ රියදුරා එම මෝටර් රථයෙන්ම පළා ගොස් ඇති අතර එහිදීයි ඔහු පැදවූ මෝටර් රථය රත්මලාන ඉන්ධන පිරවුම්හල අසලදී තවත් මෝටර් රථයක සහ යතුරු පැදි 02ක ගැටී තිබෙන්නේ.

මෙම අනතුර සිදු කළ මොටර් රථයේ රියදුරා මේවනවිට පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.