Saturday, April 27, 2024

General line - 0115112241

කාලගුණික විපර්යාසය පාලනය කිරීමේ යෝජනාව පරාජයට පත්වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ලෝක කාලගුණික විපර්යාස පාලනය කිරීම වෙනුවෙන් එකඟතාවයකට පැමිණීම සඳහා පෝලන්තයේ පැවති තීරණාත්මක සාකච්ජාව අසාර්ථක වී තිබෙනවා. ඒ, ඊට අදාළව සැකසු විශේෂ වාර්තාව සම්මත කර ගැනීමට ලෝකයේ ප‍්‍රධාන රටවල් සිය විරෝධය පළ කිරීමත් සමඟයි. අමෙරිකාව, රුසියාව, සෞදි අරාබිය සහ කුවෙට් යන රටවල් එලෙස විරෝධය පළ කළා. 

ලෝකය මේ වනවිට සම්පූර්ණයෙන්ම වැරදි මාවතට ගමන් කරන බවත්, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 03කින් පමණ තවදුරටත් වැඩිවීමේ අවදානමක් පවතින බවත් අදාළ විශේෂ වාර්තාවේ සඳහන්. එබැවින් ලෝක නායකයින් සියලූ දෙනා ඊට ක්ෂණිකව මැදිහත්වීමේ වැදගත්කම එමඟීන් අවධාරණය කර තිබුණා. ගෝලීය උණුසුම පාලනය කිරීමට දැරිය යුතු පිරිවැය බෙදා ගැනීම සහ අඩු කාබන ආර්ථිකයක් ගොඩනැගීමට සහය ලබා ගැනීම පිළිබඳ එහි ඇතුළත්ව තිබූ බවයි විදෙස් වාර්තා පැවසුවේ.