Monday, April 29, 2024

General line - 0115112241

සේනානායකවරුන්ගේ ඉවත් කල සමරු ඵලකය ජනපති නියෝගයෙන් නැවත පිහිටුවයි (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




ඉරණමඩුව වැව නැවත ප්‍රතිසංසකරණය කිරීමේදී ඉවත් කොට තිබු හිටපු අග්‍රාමාත්‍ය ඩි.එස්.සේනානායක මහතා හා හිටපු කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නම් සදහන් ඵලකයක් නැවත ඊයේ(10) රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගය යටතේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේගේ උපදෙස් මත ඉරණමඩු ජලාශයට පිවිසෙන මාර්ගය අසළ ස්ථාපිත කොට ඇති බව අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියා.

කිලිනොච්චිය ප්‍රදේශවාසින් පැවසූවේ ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකොට තිබු සේනානායක මහත්වරුනගේ නම් සදහන්ව පැවති නාම පුවරුව ඊයේ (10) සවස් වන තෙක් ඉවත් කොට තිබු බවට මාධ්‍ය වාර්තා කිරීමෙන් අනතුරුව පැරණි ඵලකය කඩිනමින් නැවත ඊයේ රාත්‍රියේදීම ස්ථාපිත කොට ඇති බවයි.

කිලිනොච්චිය ප්‍රදේශවාසින් පැවසූවේ ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව එවකට අග්‍රාමාත්‍ය ඩි.එස්.සේනානායක මහතාගේ හා එවකට කෘෂිකර්ම අමාත්‍ය  ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සදහන්ව පැවති නාම පුවරුව එලෙස ඉවත් කොට තිබු බවයි.

කිලිනොච්චිය ඉරණමඩුව ජලාශය ප්‍රතිසංස්කරණය කොට පසුගියදා නැවත විවෘත කිරීමේ වැඩසටහනට අදාළව අදාළ නාම පුවරුව ඉවත් කොට තිබු බවද ප්‍රදේශවාසීන් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාල නිළධාරීන් විමසීමේදි අදාළ නිළධාරීන් පැවසූවේ අදාළ නාම පුවරුව විනාශ වි තිබු බැවින් පුවරුව ඉවත් කොට තිබු බවත් නාම පුවරුව නැවත සකස් කොට ඊයේ(10) රාත්‍රියේදීම නැවත ස්ථාපිත කළ බවයි.