Wednesday, May 15, 2024

General line - 0115112241

රනිල් අගමැති වූ සතුට සමරන්න ජනතාව පාරට එයි (PHOTOS)

දිනසේන රතුගමගේ /කාංචන ආරියදාස/රංජිත් රාජපක්ෂ




රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (16) දින පෙරවරු 11.16ට යෙදුණු සුබ මොහොතින් දිවුරුම් දීමෙන් අනතුරුව රට පුරා විවිධ ස්ථානවලදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් සැමරුම් සංවිධානය කර තිබුණා.

එළෙස යාපනය නගරයේ පැවැති සැමරුමකදී යාපනය බස් නැවතුම් පොළ ඉදිරියේ විනාඩි 40ක කාලයක් නොනවත්වා රතිඤ්ඤා දැල්වීම සිදු වූ බවයි අප යාපනය වාර්තාකරු සඳහන් කළේ.

--

මේ අතර දඹුල්ල නගර මධ්‍යයේද සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර එහිදී රැස්ව සිටි පිරිස් ප්‍රීති ඝෝෂා නගමින් දඹුල්ල ඔරලෝසු කණුව අසළ රතිඤ්ඤා දල්වමින් නව අගමැතිවරයාගේ දිවුරුම් දීම සාමකාමීව සැමරීමට කටයුතු කර තිබුණා.

--

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිවුරුම් දීමත් සමග හැටන් නගර මධ්‍යයට එක් වූ විශාල පිරිසක්ද රතිඤ්ඤා දල්වමින් සතුට සැමරූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නොර්වුඩ් ක්‍රීඩාංගණය ඉදිරිපිටදී කිරිබත් කපා සැමරුම් උත්සවයක්ද සංවිධානය කර තිබුණා.

(යාපනයේ සැමරුම පහතින්)

 

(දඹුල්ලේ සැමරුම පහතින් දැක්වෙයි)

 

(හැටන් සහ නොර්වුඩ් සැමරුම් පහතින් දැක්වෙයි)