Monday, April 29, 2024

General line - 0115112241

ඇලෝසියස් ඇප ඉල්ලයි - ඇප දෙන්න බැරි හේතුව අධිකරණය පෙන්වයි

අධිකරණ වාර්තාකරු




2015 වර්ෂයේ පෙබරවාරි මස 27 දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පර්පෙචුවල් ට්‍රෙසරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්  සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි කසුන් පලිසේන යන අය ජනවාරි මස  01 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළා.

සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කළ අතර එය සලකා බැලීමට දෙසැම්බර් මස 20 වැනිදා නඩුව යළි කැඳවීමට මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළා. 

ඇප ඉල්ලීම සදහා විරෝධතා ඇත්නම් මීළඟ දින ඉදිරිපත් කරන ලෙසට මහේස්ත‍්‍රාත්වරිය නීතිපතිවරයාට දැනුම් දුන් බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. 

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අය ඇප මත මුදා හරින ලෙසට කළ ඉල්ලීම් මීට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරුණා.

සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් ඔවුන් ඇප මත මුදාහැරීමට තරම් සුවිශේෂි කරුණු අධිකරණයේ අනාවරණය නොවන බවට මහේස්ත‍්‍රාත්වරිය පෙන්වා දී තිබෙනවා.